Monday, January 4, 2021

Evolution of the Computer - පරිගණකයේ පරිණාමය

  •  පරිඝණක විකාශණය 
පළමු පරම්පරාව: 

 1944 සිට 1959 දක්වා කාලය තුළ නිපදවන පරිඝණක පළමු පරම්පරාවේ පරිඝණක ලෙස හදුන්වයි.  මෙහිදී  පරිගණකය සදහා රික්ත නල Vacuum tubes භාවිතා කල අතර ඒවා සදහා විශාල ඉඩ ප්‍රමාණයක් වැය වු අතරම කාර්යකෂමතාවය අතින් බොහෝ ක්‍රියාකාරී බව අඩුය. නිෂ්පාදන වියදම අධික විය. වායුසමනය කළ කාමරවල තැබිය යුතු නිසා නඩත්තු වියදම ඉතා අධික විය. ඒමෙන්ම ධාවන වේගය ඉතා අඩු අතර ගබඩා කළහැකි දත්ත ප්‍රමාණයද අඩුය. 



දෙවන පරම්පරාව:

මෙම දෙවන පරම්පරාවේ ආරම්භය 1955 සිට 1964 දක්වා විකාශණය විය. ට්‍රාන්සිස්ටර් තාක්ෂණය පැමිණීමත්  සමග ආරම්භ විය. පරිඝණකය ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ අතර කාර්යක්ෂමතාව සාපේක්ෂව වැඩිදියුණු මට්ටමක විය. මේ සදහා ඉතා යහපත් ඉල්ලුමක් පැවති අතර මෙහෙයුම් පද්ධතිය Operating System (OS) කෝබෝල් COBOL සහ ෆෝට්ට්‍රෝන් FORTRAN පරිඝණක භාෂාවලින් ලියා මෙම පරිඝණක සමගම ඉදිරිපත් කර ඇත.



තුන්වන පරම්පරාව:

1965 සිට 1975 දක්වා බිහි වූ මෙම පරම්පරාවේ සිදු වූ ප්‍රධානම වෙනස නම් සංගෘහිත පරිපථ Integrated Circuit (IC) නිෂ්පාදනය කිරීමයිි. 
ට්‍රාන්සිස්ටර් Transistor, ඩයෝඩ් Diode, ධාරිත්‍රක Capacitor විශාල ප්‍රමාණයෙන් මෙහි අඩංගුකර ඇත. තවද මෙම පරම්පරාවේදී පරිඝණක මතකයන් සදහා මෙතෙක් පැවති Tape Memory වෙනුවට අර්ධ සන්නායක වලින් නිපදවූ සංගෘහිත පරිපථ ඇතුලත් මතකයන් Memory හදුන්වාදෙන ලදී. 
ඒමෙන්ම මෙතෙක් පැවති පරිඝණක සදහා ඒක්වරෙක ඒක් වැඩසටහනක් පමණක් මෙහෙයවීම වූ අතර මෙම පරම්පපරාවේ පරිඝණක සදහා ඒකකට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව Parallel Computing තිබුණි.

 


සිව්වන පරම්පරාව:

මෙම පරිඝණක පරම්පරාව 1975 සිට අද දක්වා විකාශණය විවිධංගයෙන් පවතී. පැවති පරිඝණක පරම්පරාවන්වලට හාත්පසෙකින්ම මෙහිි විශාලත්වය සහ මිළ ඉතා අඩුය. ඊට හේතුව වූයේ සංකීරණ ලෙස සංගෘහිත පරිපථ නිපදවීමයි. තුන්වන පරම්පරාවේ පරිපථයක් තුළ ඇතුලත්කිරීමට හැකිවූයේ තාර්කික ද්වාර Logic Gate 100ක පමණ ප්‍රමාණයකි. නමුත් මෙම පරම්පරාවේදී ඒය 1000 - 10000 අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය විය. 

පරිඝණක සදහා මුල්මවරට රෑප සහිත මුහුණුවරක් Graphical User Interface (GUI) 
සහ පරිගණක ජාලකරණය Computer Network මෙම පරම්පරාවේ හදුන්වාදෙන ලදී.



No comments:

Post a Comment

More

What is a computer? - පරිගණකයක් යනු කුමක්ද?

  පරිගණකයක් යනු කුමක්ද? සංඛ්‍යාත උපයෝගී කරගනිමින් රෑප, ශබ්ද හා අක්ෂර ආදී දත්ත ඇතුල්කිරීම, ගබඩාකිරීම සහ සැකසීම සිදුකල හැකි විද්‍යුත් තාක්ෂණික...